මෙන්න තවත් සෙට් එකකම වත්කම් බැරකම් - අම්මෝ මෙච්චර සල්ලි කන්දරාවක්?

Report

අල්ලස් කොමිසම විසින් දේශපාලනඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ සිය වෙබ් අඩවියේ පළකර ඇත. ඊට අනුව අමාත්‍ය කුමාර ජයකොඩිගේ වත්කම් හා බැරකම් රුපියල් මිලියන 58.5ක් වටිනා අක්කර 3ක ඉඩමක්, අක්කරයක ඉඩමක් සහ පර්චස් 15ක පිහිටි නේවාසික ගොඩනැගිල්ලක්, රුපියල් 5,000,000ක් වටිනා ස්වර්ණාභරණ මෙන්ම මිලියන 52.5ක් වටිනා ටොයෝටා ඇක්වා වර්ගයේ මෝටර් රථයක් හා ටොයෝටා ලෑන්ඩ් කෲසර් වර්ගයේ මෝටර් රථයක් ඔහු සතු වේ.

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව

ඊට අමතරව කුමාර ජයකොඩි මහතා මූල්‍ය ආයතන කිහිපයකම රුපියල් 43,628,557ක් ආයෝජනය කර ඇති අතර බැංකු ගිණුම් 2ක ඔහු සතුව රුපියල් 593,936ක මුදලක් පවතිනවා. ඒ අනුව අමාත්‍ය කුමාර ජයකොඩි සතු මුළු වත්කම් ප්‍රමාණය රුපියල් 160,222,493 කට අධික වේ.

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ වත්කම් හා බැරකම් ද අල්ලස් කොමිසම මගින් ප්‍රසිද්ධ කර ඇති අතර ඒ අනුව රුපියල් 4,490,850ක් වටිනා පර්චස් 12ක ඉඩමක්, රුපියල් 1,512,000ක් වටිනා පවුම් 9ක ස්වර්ණාභරණ සහ රුපියල් 9,000,000ක් වටිනා මෝටර් රථයක් ඔහු සතු වේ.

එමෙන්ම ඔහු සහ ඔහුගේ පවුල භාණ්ඩාගාර බිල්පත්, මුදල් වෙළෙඳපොල සහ කොටස් වෙළඳපොලේ ආයෝජනය කර ඇති මුදල 10,242,711ක් වේ. චතුරංග අබේසිංහ සහ ඔහුගේ පවුල සතු බැංකු ගිණුම් කිහිපයක රුපියල් 13,189,524ක් සහ අමෙරිකානු ඩොලර් 153,499ක් ඇත.

මොන වගේ තිරිසනෙක්ද? ගෑණු ළමයෙක් ඉපදුණු නිසා පණපිටින් වලදාලා

මොන වගේ තිරිසනෙක්ද? ගෑණු ළමයෙක් ඉපදුණු නිසා පණපිටින් වලදාලා

   

නියෝජ්‍ය අමාත්‍ය ටීබී සරත් සතුව රුපියල් 8,800,000ක් වටිනා නිවසක් පවතින අතර, අක්කර 3ක ඉඩම් 2ක් සම්බන්ධයෙන් සඳහන් කර තිබුණද ඒවායෙහි වටිනාකම් දක්වා නැත.

රුපියල් 1,000,000ක් වටිනා රත්‍රං මෙන්ම රුපියල් 500,000 ක් වටිනා යතුරු පැදියක් සහ රුපියල් 6,500,000ක් වටිනා මෝටර් රථයක් ද ඔහු සතුයි. තවද ඔහු සහ ඔහුගේ පවුලේ බැංකු ගිණුම්වල රුපියල් 638,033ක මුදලක් ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දිකගේ වත්කම් හා බැරකම් ද අල්ලස් කොමිසම ප්‍රසිද්ධ කර ඇති අතර, ඔහු සතු පර්චස් 18ක ඉඩමෙහි වටිනාකම රුපියල් 6,000,000ක් වේ. එමෙන්ම ඔහු සහ ඔහුගේ පවුල සතුව රුපියල් 700,000ක් වටිනා පවුම් 03ක ස්වර්ණාභරණ ,රුපියල් 6,000,000ක් වටිනා මෝටර් රථයක්, රුපියල් 2,500,000ක් වටිනා මෝටර් රථයක් සහ රුපියල් 150,000ක් වටිනා යතුරුපැදියක්ද පවතිනවා.

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දිකගේ සහ ඔහුගේ පවුල සතු බැංකු ගිණුම් කිහිපයක රුපියල් 2,993,679ක මුදලක්ද ඇත. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික සතු මුළු වත්කම් ප්‍රමාණය රුපියල් 18,343,679 කට අධික බව වාර්තා වේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව ඔහු සහ ඔහුගේ පවුලේ අය සතුව අක්කර 6කට අධික ඉඩම් 17ක් පවතින අතර, ඒවායෙහි වටිනාකම රුපියල් 130,000,000කට කට අධිකයි. මීට අමතරව රුපියල් 21,500,000කට අධික ස්වර්ණාභරණ සහ අත්ඔරලෝසුද ඔහු සතුව පවතිනවා.

රුපියල් 13,000,000ක් වටිනා මර්සිඩිස් බෙන්ස් මෝටර් රථයක් සහ රුපියල් 17,600,000ක් වටිනා වොක්ස්වැගන් මෝටර් රථයක් රවී කරුණානායකට හිමියි. එමෙන්ම ඔහු මෙරට ප්‍රධාන පෙළේ සමාගම් දෙකක කොටස් 30,801ක් ද මිලට ගෙන ඇති බව වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් කර ඇති අතර එහි වටිනාකම දක්වා නැහැ. ඔහු සහ ඔහුගේ පවුලට සමාගම් 16ක කොටස් අයිතීන් පවතින අතර ඒවායෙහි ද නිශ්චිත වටිනාකම් දක්වා නැහැ.

රන් මිල පහතට වැටෙයි - මිලදී ගන්න තවත් හොඳ අවස්ථාවක්

රන් මිල පහතට වැටෙයි - මිලදී ගන්න තවත් හොඳ අවස්ථාවක්

එමෙන්ම ඔහු සහ ඔහුගේ පවුලේ ඉතුරුම්, ජංගම සහ බද්ධ ගිණුම්වල රුපියල් 9,751,495ක මුදලක් තැන්පත් කර ඇති අතර, තවත් ගිණුම් 2ක අමෙරිකානු ඩොලර් 15,064ක් සහ බ්‍රිතාන්‍ය පවුම් 141ක් තැන්පත් කර තිබෙනවා.

රවී කරුණානායක ලබා දී ඇති වත්කම් බැරකම් ප්‍රකාශය අනුව ඔහු සතු ගණනය කළ හැකි වත්කම් ප්‍රමාණය රුපියල් 191,851,495 කට අධිකයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සතුව නේවාසික ගොඩනැගිලි 5ක් සහ ඉඩම් කට්ටි 5ක් පවතින අතර, ඒවායෙහි මුළු වටිනාකම රුපියල් මිලියන 120කට (120,400,000) අධිකයි. මීට අමතරව රුපියල් 3,310,000ක් වටිනා පවුම් 20ක රත්‍රං හා මිලියන 62කට (62,200,000) අධික බස් රථ 6ක් ඔහු සතුයි.

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඉස්සරහට වෙන්න යන දේ ගැන කල්තියා අනතුරු ඇඟවීමක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඉස්සරහට වෙන්න යන දේ ගැන කල්තියා අනතුරු ඇඟවීමක්

ඔහු සහ ඔහුගේ පවුල සතුව ඇති බැංකු ගිණුම් කිහිපයක මූල්‍යමය වත්කම් ප්‍රමාණය 38,496,539ක්. ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබා දී ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශය අනුව රෝහිත අබේගුණවර්ධන සතු මුළු වත්කම් ප්‍රමාණය රුපියල් 224,206,539ක්.