අද පෙරවරු 10 ට නිල වශයෙන් ගොවි ගිණුම් වලට මුදල් බැර කෙරේ - එක් එක් අයට ලැබෙන මුදල මෙන්න..

Report

අද (29) දිනයේ දී නිල වශයෙන්,ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙරට සියලු‍ම ගොවීන්ට ලබාදීම සඳහා පිරිනමන ලද රුපියල් බිලියන 08ක මුදල ගොවි ගිණුම්වලටම බැර කිරීමට නියමිතයි.

මෙවර මහ කන්නයේදී වී වගා කරන භූමි ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 08ක් වන අතර, මේ වනවිටත් වගා කටයුතු ආරම්භ කර ඇති හා අවසන් කර ඇති කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 760,000 ඉක්මවා ඇත.

එම කුඹුරු ප්‍රමාණය අයත් ගොවි පවුල් සංඛ්‍යාව මිලියන 1.2ක් වන අතර පසුගිය මහ කන්නයේදී සිදු වූ අස්වනු හානිය සැළකිල්ලට ගනිමින් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන 08ක මුදලක් මෙරටට ලබා දුන්නා.

ඒ අනුව එම මුදල් කුඹුරු හෙක්ටයාර් 01ක් ඇති ගොවීන් සඳහා රුපියල් 10,000ක් සහ කුඹුරු හෙක්ටයාර් 02ක් ඇති ගොවීන්ට රුපියල් 20,000ක් වශයෙන් ගොවි ගිණුම්වලටම බැර කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම මුදල් ගොවි ගිණුම්වලට නිල වශයෙන් බැර කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කිරීමට නියමිත යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now