ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයෙකු ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හදිසි මානුෂීය ඉල්ලීමක් - මේ අය ගැන තොරතුරක් දන්නවා නම් වහාම දැනුම් දෙන්න
2009 වසරේ සිට ඉතාලියේ පදිංචිව සිට ඇති බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයෙකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මහජන සහාය ඉල්ලා සිටියි.
අද (11) නිකුත් කළ නිවේදනයකින් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, අදාළ පුද්ගලයා හඳුනා ගැනීමට මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන් හෝ හිතවතුන් සොයා ගැනීමට ද තොරතුරු අවශ්‍යව ඇති බවයි.
අමාත්‍යාංශය පවසන පරිදි, අදාළ පුද්ගලයා පහත සඳහන් දෙදෙනාගෙන් අයෙකු විය හැකි බවට සැක කෙරේ.
1961 පෙබරවාරි 08 වැනිදා මරදානේ උපත ලැබූ ගමගේ සුනිල් සරත්. 1963 ජුනි 28 වැනිදා මීගමුවේ උපත ලැබූ කච්චකඩුගේ ප්‍රනාන්දු නොයෙල් වියනි කුමාර .
පළමු පුද්ගලයාගේ ලිපිනය ලෙස රාජගිරිය, නාවල පාර ප්‍රදේශයේ ලිපිනයක් සඳහන් වන අතර, දෙවැනි පුද්ගලයා බෝයවලාන ප්‍රදේශය සමඟ සම්බන්ධතාවක් ඇති අයෙකු බවට තොරතුරු වාර්තා වී තිබේ.
අදාළ පුද්ගලයා අවිවාහකයෙකු බවට වාර්තා වී ඇති අතර, 2009 වසරේ සිට ඉතාලියේ බොලොඤ්ඤා (Bologna) නගරයේ පදිංචිව සිට ඇති බවට විශ්වාස කෙරේ.
එමෙන්ම, ඔහු 2026 ජූලි 23 වැනිදා මෙසීනා (Messina) ප්‍රදේශයේ සිට ඇති බවට තොරතුරු ලැබී තිබේ.
2026 ඔක්තෝබර් මාසය වන විට ඔහු පදිංචිව සිටි බවට වාර්තා වූ අවසන් ලිපිනය ඉතාලියේ ලිපාරි (Lipari), වියා සැන් ජෝර්ජියෝ (Via San Giorgio) ප්රදේශයයි. මෙම පුද්ගලයා හඳුනා ගැනීමට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් පිළිබඳ තොරතුරු ලබාදිය හැකි ඕනෑම අයෙකුට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය හා සම්බන්ධ වන ලෙස දැනුම් දී ඇත.
ඒ අනුව, 011 227 5525 යන දුරකථන අංකය ඔස්සේ හෝ consular@mfa.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය වෙත තොරතුරු යොමු කළ හැකිය. 2026 නොවැම්බර් 11 වැනිදා නිකුත් කළ නිවේදනයට අනුව, අදාළ තොරතුරු දින 14ක් ඇතුළත ලබාදෙන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා තිබේ.
මෙය මානුෂීය කටයුත්තක් බව අවධාරණය කරන විදේශ කටයුතු අමාත්‍යාංශය, මහජනතාවගෙන් ලැබෙන සියලු තොරතුරු දැඩි රහස්‍යභාවයකින් යුතුව ආරක්ෂා කරන බවට ද සහතික වී ඇත
මව් පදවියට සූදානම් වූ සුන්දර ‘නයෝමිචාන්’ගේ අකල් වියෝව- සමාජ මාධ්‍ය කැළඹූ පුවත- මරණයට හේතුව අධි රුධිර වහනයක්ද?