ශිරාන් බාසික්ට එරෙහි කොකේන් නඩුව කල් යයි
By Mithu
කොකේන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි මස 25 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
මෙම නඩුව අද (11) කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය.
මව් පදවියට සූදානම් වූ සුන්දර ‘නයෝමිචාන්’ගේ අකල් වියෝව- සමාජ මාධ්‍ය කැළඹූ පුවත- මරණයට හේතුව අධි රුධිර වහනයක්ද?
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය, මෙම නඩුකරය වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන ජනවාරි මස 25 වනදා යළි කැඳවීමට නියම කළාය.
කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1,200කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අදාළ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පැවරීමට පියවර ගෙන තිබේ.