මෙරට තරුණයෙකුගේ ශරීරය මතින් මහ ට්‍රැක්ටර් 50ක් යයි..ලෝකයම පුදුමයට පත්කළ සිදුවීම මෙන්න(VIDEO)

By Aruna Dec 07, 2022 08:11 AM GMT
Report

ඊයේ උදෑසන කටුවන යකඩ පාලම මතදී රූකාන්ත නම් සැන්ඩෝ ශිල්පියා විසින් ශ්‍රී ලංකා නාමය ඉහළට ඔසවා තබමින් නව ලෝක වාර්තා දෙකක් තබන්නට සමත්වුණා.

පළමු ලෝක වාර්තාව තබනු ලැබුවේ,තම සිරුර මතින් මහ ට්‍රැක්ටර් රථ 50ක් ගමන් කරවමින් වීම විශේෂත්වයක්.

ඉන් අනතුරුව ඔහු යකඩ ඇණ ගැසූ ලෑල්ලක් මත දිගාවී නිවාස සෑදීමට යොදා ගන්නා බොග්ගල් 50ක් විනාඩියක් වැනි කෙටි කාලයක් තුළ තම පපුව මත තබා කුඩු කර දැමීමට සමත් වුණා.

මෙම දුර්ලභ අවස්ථාව දැකබලා ගන්නට විශාල පිරිසක් අද කටුවන යකඩ පාලම මතට රැස්ව සිටියා.

ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සිය ශක්තිය යොදවමින් අද දිනයේ මෙලෙස ලෝකවාර්තාවක් තැබූ කටුවන සැන්ඩෝ ශිල්පී රූකාන්ත ක්‍රීඩකයාට ගගන අපෙන් උණුසුම් සුබපැතුම්.

මෙම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now