ලංකාවට ගලා එන විදේශිකයන් - රටේ ආදායම අහසට
මේ වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 2,250,000 ඉක්මවා ගොස් ඇත. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වාර්තා කරන ආකාරයට ජනවාරි පළමු වනදා සිට දෙසැම්බර් 21 වනදා දක්වා කාලය තුළ සංචාරකයින් 2,258,202ක් දිවයිනට පැමිණ ඇත.
ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 510,133ක් වන අතර බ්‍රිතාන්‍ය ජාතිකයින් 204,703 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 141,941 දෙනෙකු සහ චීන ජාතිකයින් 129,403කු ඒ අතර වන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එමෙන්ම ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති අතර දෙසැම්බර් මාසයේ පළමු දින 21 තුළ දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 154,609 දෙනෙකු බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වාර්තා කරයි.