ජනාධිපතිවරයා මේ රටට හුන්ඩුවක් කියනවනම් අනෙක් අය කොහොම කියයිද? - ජනපතිගේ කතාව ගැන සීලරතන හාමුදුරුවන්ට හොදටම කේන්ති ගිහින්
මේ හුන්ඩුවේ නායකයෝ මේ රටට කරන අගෞරවය සම්බන්ධව ඉතාමත් කණගාටු වන බව බත්තරමුල්ලේ සීලරතන හිමි ප්‍රකාශ කරයි.
ජනාධිපතිතුමාගේ කතාව සම්බන්ධව තව දුරටත් අදහස් දැක්වූ සීලරතන හිමි සදහන් කළේ මෙවන් අදහසක්
''ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද මැද ලෝකයේ අනෙක් රටවල් ගැන කතා කරමින් මේ රට හුණ්ඩුවක් වගේ , මේවා දියුණු කරන්න ඕනේ කිව්වා . ඉතිං ජනාධිපති තුමනි අද වන විට ලෝකෙ අපේ රටට වඩා කුඩා රටවල් කොපමණ තියනවද? ඒ රටවල් දියුණු කළේ නායකයන්ගේ දක්ෂතාවයෙන් . මේ රට හුණ්ඩුවක් කියපු රටේ නායකයා එදා පොරකෑවා ගොවියො විනාශ කරලා අරගල කලා මේ හුන්ඩුවේ නායකත්වය ගන්න. මේ රට අරගන ඉවර වෙලා අන්තිමට රටට අපහාස කරන එක ඔබතුමා හරිද? ඉතිහාසෙ රජවරු පෝෂණය කළා රට හැදුවා රටේ ගරුත්වය රැක්කා .මම ජනාධිපතිතුමාට කිසිම වෙලාවක තරහකින් කරන්නේ නෑ.නමුත් පාර්ලිමේන්තුවට ගිහින් මේ වගේ වචනයක් කිව්ව එක සම්බන්ධයෙන් ජනතාවගේ මහ විශාල අප්‍රසාදයක් තියනවා නමුත් අපි විශ්වාස කරනවා ඔබ තුමා තව දුරටත් යමක් කරයි කියලා .
නමුත් ජනාධිපතිතුමනි ඔබ තුමා රටේ ජනතාව හෑල්ලුවට ලක් ජනාධිපතිතුමා මේ වගේ වචනයක් කිව්ව එක ගැන කණගාටු වෙනවා. මේ රටේ නායකයා එහෙම කතා කරද්දී විදේශ රටවල අය යන්න එපා ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාව හුන්ඩුවක් යන්න එපා කිව්වොත් මොකද කරන්නේ.
විදේශකයන්ට අපේ රට හුන්ඩුවක් නෙමේ අපේ රාජ්‍ය පාලකයන්ට මේක හුන්ඩුවක් වුනාට. ඔබතුමා මේ රටේ නායකයා සේනාධිනායකයා ඔබ තුමාට ලියලා දීපු කොලේ අධ්‍යනය කරලා කියන්න තිබුණා . ජනාධිපතිවරයා මේ රටට හුන්ඩුවක් කියනවනම් අනෙක් අය කොහොම කියයිද තමුන්නන්සෙගෙ පාර්ලිමේන්තුවේ වැඩ බැරි ටාසන් ලා ටික මේ රට විනාශ කරමින් ඉන්නේ ,,