"වහාම පිටව යන්න" - පකිස්ථානයටත් අනතුරු ඇගවීම්
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ලාහෝර් සහ කරච්චි හි පිහිටි තම කොන්සල් කාර්යාලවල හදිසි නොවන කාර්ය මණ්ඩලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ආරක්ෂක හේතූන් මත පකිස්ථානයෙන් පිටව යන ලෙස නියෝග කර ඇත.
මෙම නියෝගය මාර්තු 3, 2026 දිනයේදී නිකුත් කර ඇති අතර, එය ඉරානය සමඟ පවතින ගැටුම් හා ඒ හේතුවෙන් පකිස්ථානය තුළ ඇති වූ අවදානම් තත්ත්වයන් නිසා ගෙන ඇති බව එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත.
ඉස්ලාමාබාද් හි තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට මෙම නියෝගයෙන් බලපෑමක් සිදු නොවේ.
පකිස්ථානය ඉරානය සමඟ දිගු බටහිර දේශසීමාවක් බෙදා ගන්නා අතර, එහි සැලකිය යුතු ෂියා මුස්ලිම් සුළුතරයක් සිටීම නිසා ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස පකිස්ථානය තුළ විරෝධතා බලවත් වී ඇත.
කරච්චි නගරයේ එක්සත් ජනපද කොන්සල් කාර්යාලයට කඩා වැදීමට විරෝධතාකරුවන් උත්සාහ කිරීමෙන් පසු ඉරිදා (1) අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගිය බව වාර්තා වේ.
මෙම විරෝධතාවලදී ආරක්ෂක අංශ විසින් ගිනි තැබීම් සිදු කිරීමත් සමඟ තුවාල ලැබූවන් 60කට වැඩි පිරිසක් සිටින බවත් පැවසේ.
රට පුරා මෙවැනි විරෝධතාවලදී මරණ සංඛ්‍යාව 20-24 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ. මෙම තත්ත්වය ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමෙනීගේ ඝාතනය හේතුවෙන් ඇති වූ කෝපයේ ප්රතිඵලයකි.