ශ්‍රී ලංකාවට ලකුණු 147ක ඉලක්කයක්
පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි 20 තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන 3වැනි තරගය සිම්බාබ්වේට එරෙහිව මේ වනවිට පැවැත්වෙයි.
එහි කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වූ අතර සිම්බාබ්වේ නායක රාසා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 146ක් රැස් කළේය.
තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 147කි.