අයවැයෙන් මහජනතාවට දැනෙන වෙනසක් ලැබෙයිද? - 2027 අණ්ඩුවේ තීරණාත්මක අයවැය කතාව හෙට

Report

2027 වසර සඳහා වන අයවැය කථාව හෙට (12) පස්වරු 1.30ට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක  විසින් 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම එහිදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

අයවැය දෙවැනිවර කියවීමට අදාළ විවාදය නොවැම්බර් 13 වැනිදා සිට 20 වැනිදා දක්වා දින හතක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. එම විවාදයට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.

අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පැවැත්වෙනු ඇත.

එම කාලසීමාව තුළ සෙනසුරාදා දින හතරක් ද විවාදය සඳහා වෙන්කර තිබේ.

අයවැයෙන් වැටුප් වැඩිවෙන සහ බදු සහන හිමිවන හැටි හෙළිකරයි - ඇමති නලින්දගෙන් සුභ පණිවිඩයක්

අයවැයෙන් වැටුප් වැඩිවෙන සහ බදු සහන හිමිවන හැටි හෙළිකරයි - ඇමති නලින්දගෙන් සුභ පණිවිඩයක්

2027 අයවැය තෙවැනිවර කියවීමට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.

අයවැය විවාදය පැවැත්වෙන දිනවල පෙරවරු 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තු කටයුතු සඳහා කාලය වෙන්කර ඇත.

පෙරවරු 10.00 සිට 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න පහක් සඳහා ද, පෙරවරු 10.30 සිට 11.00 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් සඳහා ද කාලය වෙන්කර තිබේ. ඒ අනුව, පෙරවරු 11.00 සිට පස්වරු 6.00 දක්වා අයවැය විවාදය පැවැත්වීමට නියමිතය.

විරෝධතා රැසක් එල්ල වූ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙතට

විරෝධතා රැසක් එල්ල වූ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙතට