ශ්‍රී ලංකාව ආයේ දුප්පත් නෑ - හිතුවටත් වඩා ආදායමක්

Report

මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසා ඇත්තේ ට්‍රිලියන පහයි දශම තුනක අදායමක් මේ වසරේදී ලබා ගත හැකි බවට අපේක්ෂාව කරන බවයි. නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ මෙවර අයවැයෙන් අපේක්ෂිත ආදායම වූ ට්‍රිලියන 4.9 ඉක්මවා මේ වසරේ අදායම් ඉපයිය හැකි බවට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම ඉතිහාසයේ පළමු වතාවට රජයක් විසින් අයවැයෙන් අපේක්ෂිත ආදායම ඉක්මවු අදායමක් මේ වසරේදී හිමි කර ගැනීමට අවකාශය හිමි වනු ඇති බවද ඔහු පවසා ඇත.

බැංකුවෙන් ණය ගත්තද? මහ බැංකුවෙන් සහනයක්

බැංකුවෙන් ණය ගත්තද? මහ බැංකුවෙන් සහනයක්

ඊයේ(23) පෙරවරුවේ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ කිරිඳිවැල නැදුන්ගොල්ල ප්‍රදේශයේ පිහිටුවන ලද ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මධ්‍යම සුරාබදු රාසායනාගාරය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලීන අවශ්‍යතාවක් වූ මෙම රසායනාගාරය නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත වන බවයි.

එමෙන්ම මත්පැන් නිෂ්පාදන ආයතන 20 කට වැඩි ප්‍රමාණයක් පරික්ෂා කිරීමටද නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව තුළ දරුණු ප්‍රහාරයක්? ඉලක්ක ගත ප්‍රහාරයක් ගැන සැකයක්

ශ්‍රී ලංකාව තුළ දරුණු ප්‍රහාරයක්? ඉලක්ක ගත ප්‍රහාරයක් ගැන සැකයක්