ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය අලුත් වෙයි - අමාත්‍ය බිමල් රත්නායකගේ සාකච්ඡා

Report

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශාවකට යොමු කිරීම සඳහා ස්වීඩනයේ තාක්ෂණික දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීම පිළිබඳව විශේෂ අවධානය යොමු වී ඇත.

ස්වීඩනයේ නිල සංචාරයක නිරත වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය ඔක්තෝබර් 13 වැනිදා එරට Sweroad ආයතනයේ සහ ස්වීඩන ප්‍රවාහන පරිපාලන ආයතනය වන Trafikverket හි නියෝජිතයන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

රියදුරන්ට අති විශේෂ දැනුම්දීමක් - රියදුරු බලපත්‍ර දඬුවම් ලකුණු ක්‍රමය ගැන දැනුම්දීමක්

රියදුරන්ට අති විශේෂ දැනුම්දීමක් - රියදුරු බලපත්‍ර දඬුවම් ලකුණු ක්‍රමය ගැන දැනුම්දීමක්

ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ෆොන්සේකා මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටි අතර ප්‍රවාහන සැලසුම්කරණය, මාර්ග ආරක්ෂාව සහ යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් ස්වීඩනය සතු අත්දැකීම් මෙහිදී විශේෂ අවධානයට ලක්ව තිබේ.

මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන මරණ සහ බරපතළ තුවාල ශුන්‍ය කිරීම අරමුණු කරගත් එරට ‘Vision Zero’ වැඩපිළිවෙළ ද සාකච්ඡාවට එක් වූ බව අමාත්‍යවරයා සඳහන් කළ අතර මාර්ග සංවර්ධනය යනු යටිතල පහසුකම් ඉදිකිරීමට පමණක් සීමා නොවන බවත්, එම මාර්ග භාවිත කරන ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම ද එහි අත්‍යවශ්‍ය අංගයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

ස්වීඩනයේ ප්‍රවාහන ප්‍රතිපත්ති තුළ මාර්ග භාවිත කරන්නන්ගේ ආරක්ෂාවට ලබාදී ඇති ප්‍රමුඛතාව ශ්‍රී ලංකාවට ද වැදගත් ආදර්ශයක් බව ඔහුගේ අදහසයි. ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වෙනස්කම්, ප්‍රමුඛතා සහ දිගුකාලීන ඉලක්ක පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන තිබේ.

නවීන ප්‍රවාහන සැලසුම්කරණය, මාර්ග ආරක්ෂාව, තිරසර යටිතල පහසුකම් සංවර්ධනය සහ තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගත හැකි ආකාරය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.

රැකියා සඳහා විදෙස් ගත වූ ලාංකිකයන් - කුවේට් ගෘහ සේවයට ගොස් වාර්තා තබයි

රැකියා සඳහා විදෙස් ගත වූ ලාංකිකයන් - කුවේට් ගෘහ සේවයට ගොස් වාර්තා තබයි

Sweroad ආයතනය ශ්‍රී ලංකාව සමග වසර 30කට ආසන්න කාලයක් සහයෝගයෙන් කටයුතු කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, එම දිගුකාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කරගනිමින් මෙරට ප්‍රවාහන පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ තාක්ෂණික සහාය ලබාගැනීමේ වැදගත්කම ද අවධාරණය කළා.

ආරක්ෂිත, කාර්යක්ෂම සහ තිරසර ප්‍රවාහන පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීම රජයේ අරමුණ බවත්, ඒ සඳහා ලෝකයේ සාර්ථක අත්දැකීම් මෙරටට ගැළපෙන අයුරින් යොදාගැනීමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.