පොහොට්ටුවේ සියළු ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් ඉල්ලා අස්වෙන්න සූදානම් වෙයි.…
Parliament
Basil Rajapakshe
Sri Lanka podujana peramuna
Ranjith bandara
By Aruna
බැසිල් රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම සදහා සිය මන්ත‍්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් ඉදිරිපත්ව සිටී.
පොදුජන පෙරමුණේ පත් කල මන්ත‍්‍රී රංජිත් බණ්ඩාර මහතා පවසන්නේ බැසිල් රාජපක්‍ෂ මහතාට අවස්ථාව දීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් සියළු දෙනාම ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවයි.
මීලග පාර්ලිමේන්තු සැසි වාරයේදී බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීමට සූදානමක් ඇති අතර ඒ සදහා ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරයෙකු ඉල්ලා අස්වීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තු පිවිසීමෙන් පසු බැසිල් රාජපක්‍ෂ මහතා මුදල් සම්බන්ධ වගකිම් ගණනාවක් සහිත ඇමති ධුරයක දිවුරුම් දීමටද නියමිතව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |