රාජ්‍ය සේවකයන්ට වේලාවට වැටුප් ගෙවන්න කරන්න යන අලුත්ම වෙනස - නව පද්ධතියක්

Report

වසර 30ක් පැරණි රජයේ වැටුප් ගෙවීමේ පද්ධතිය (GPS) වෙනුවට නවීන තොරතුරු තාක්ෂණික පද්ධතියක් සකස් කිරීමට මුදල් අමාත්‍යාංශය මඟින් ටෙන්ඩර් කැඳවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව වත්මන් පද්ධතිය තාක්ෂණික වශයෙන් යල් පැන ගොස් ඇති අතර, නූතන මෙහෙයුම් අවශ්‍යතා සපිරීමට හෝ විකාශනය වන තොරතුරු ආරක්ෂණ අවශ්‍යතාවලට අනුකූල වීමට එය තවදුරටත් අපොහොසත් වීම මෙයට හේතුව බව සඳහන්.

එසේම මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව (DSA) මඟින් "රාජ්‍ය සංවිධාන සඳහා වැටුප් පද්ධතියක් සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම" යන නමින් මෙම ටෙන්ඩර් නිවේදනය නිකුත් කර තිබෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් 1996 වසරේදී හඳුන්වා දෙන ලද දැනට පවතින රාජ්‍ය වැටුප් පද්ධතිය, රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විශේෂ වැය ශීර්ෂ ඒකක, පළාත් සභා, පළාත් පාලන ආයතන සහ තෝරාගත් ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු විශාල රාජ්‍ය ආයතන සංඛ්‍යාවක් විසින් භාවිතා කරයි.

ඊයේ ලියපු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසේ - ප්‍රතිඵල එන දවසත් එක්කම දැනුම්දීමක්

ඊයේ ලියපු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසේ - ප්‍රතිඵල එන දවසත් එක්කම දැනුම්දීමක්

එහෙත් එහි පවතින යල් පැනගිය තාක්ෂණික ව්‍යුහය නිසා වැඩිදුර යාවත්කාලීන කිරීම් සිදු කිරීමට නොහැකි වී තිබෙන අතර, එහි ඇති දුර්වල ආරක්ෂණ ක්‍රමවේද හේතුවෙන් වංචා-දූෂණ සහ දත්ත වෙනස් කිරීමේ අවදානම්වලට ලක්වීමේ හැකියාවක් ඇත.

මෙය රජයේ මුල්‍ය කටයුතුවල විශ්වාසනීයත්වයට මෙන්ම කාර්යක්ෂමතාවයට ද දැඩි බලපෑමක් එල්ල කරන බව සඳහන්. ඊට අමතරව, ඒකාබද්ධ මානව සම්පත් සහ වැටුප් කළමනාකරණ වේදිකාවක් වශයෙන් ක්‍රියා කිරීමට තරම් නම්‍යශීලී බවක් හෝ වර්ධනය වීමේ හැකියාවක් වත්මන් පද්ධතිය සතු නොවන බැවින්, රාජ්‍ය ආයතනවල ඵලදායිතාවයට සහ කාර්යක්ෂමතාවයට බාධා එල්ල වී තිබෙනවා.

රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ගෝලීය හොඳම පුරුදු සහ නැඟී එන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික ප්‍රවණතාවලට අනුකූලව, ආරක්ෂිත මෙන්ම තාක්ෂණික ලෙස දියුණු ඒකාබද්ධ වැටුප් පද්ධතියකට මාරුවීම හදිසි අවශ්‍යතාවයක් බවයි.

පොහොට්ටුව දෙදරයි - ප්‍රධාන නියෝජිතයින් පිරිසක් සර්වජන බලයට එකතු වේ

පොහොට්ටුව දෙදරයි - ප්‍රධාන නියෝජිතයින් පිරිසක් සර්වජන බලයට එකතු වේ

එමෙන්ම ටෙන්ඩර් නියමයන්ට අනුව, නව පද්ධතිය ආයතන සංග්‍රහය, රජයේ මුදල් රෙගුලාසි, මහා භාණ්ඩාගාරය, රාජ්‍ය පරිපාලන සහ අයවැය චක්‍රලේඛ වැනි රාජ්‍ය අංශයේ ප්‍රතිපත්තිවලට තදින්ම අනුකූල විය යුතු වේ.

එමෙන්ම එය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම දත්ත ඇතුළත් කිරීමට, මෘදුකාංගය භාවිතා කිරීමට සහ නිල සටහන් තැබීමට හැකි බහුභාෂා පද්ධතියක් විය යුතු බව සඳහන්.

මුල්‍ය වගවීම ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමට බහු-සාධක සහතික කිරීම්, බාගත කරන ලේඛන සඳහා සක්‍රිය ආරක්ෂක දිය සලකුණු ඇතුළත් කිරීම සහ සියලු ගනුදෙනු සටහන් වන ආරක්ෂිත පරීක්ෂණ සටහන් පවත්වාගෙන යාම අනිවාර්ය බව සඳහන්.

ඊට අමතරව, ව්‍යාජ සේවකයන් හඳුනා ගැනීමට කෘතිම බුද්ධි තාක්ෂණය ද මෙම නව පද්ධතියට ඇතුළත් බව වාර්තා වේ.

අද 2න් පස්සේ රටේ පළාත් රැසක වෙන්න යන දේ - සුළු මොහොතකට පෙර නිවේදනයක්

අද 2න් පස්සේ රටේ පළාත් රැසක වෙන්න යන දේ - සුළු මොහොතකට පෙර නිවේදනයක්

එමෙන්ම අන්තර්ජාල සබඳතා බිඳවැටෙන අවස්ථාවලදී පවා රාජ්‍ය සේවකයන්ට වේලාවට වැටුප් ලබා දීම තහවුරු කිරීමට, නොබැඳි (offline) වශයෙන් ක්‍රියාත්මක කළ හැකි අතිරේක මෙවලමක් ද මෙයට ඇතුළත් විය යුතු වේ.

ඒ ඔස්සේ ප්‍රාදේශීය වැටුප් කාර්යාලවලට මූලික එක්සෙල් (Excel) පත්‍රිකාවක් මඟින් මූලික වැටුප් තොරතුරු යාවත්කාලීන කර වලංගු බැංකු හුවමාරු ගොනුවක් සකස් කිරීමට හැකියාව ලැබෙනු ඇති බව සඳහන්.

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ අයට ඉතා සුබයි - අගෝස්තු 10 දවසේ පලාපල මෙන්න

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ අයට ඉතා සුබයි - අගෝස්තු 10 දවසේ පලාපල මෙන්න