පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වේ..ප්‍රභල ඇමතිවරයෙකුට විශ්වාසභංගයක්.

Politics Parliament Mahinda yapa Udaya gammanpila Samagi Jana balawegaya
By Aruna Jun 22, 2021 02:01 AM GMT
Report

මෙම සතියට අදාළ පාර්ලිමේන්තු සැසිවාරය අද සහ හෙට (23) යන දින දෙක තුළ දී පමණක් පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය පක්ෂය විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව අද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම අද උදෑසන පාර්ලිමේන්තුව පිවිසීමේ දි සමගි ජනබලවේගය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් විරෝධතාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර රජයේ අත්‍යවශ්‍ය වියදම් දැරීමට හා කොවිඩ් -19 වසංගතය පාලනය කිරිමට ඉදිරිපත් කර ඇති පරිපුරක ඇස්තමේන්තුව හෙට විවාදයට ගැනීමට නියමිතය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිත බව ද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

කෙසේවුවද රනිල් වික්‍රමසිංහ මහතා යළි පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ රජයේ අවශ්‍යතාව අනුව බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.

පවතින රජයට එරෙහිව විපක්ෂයේ කාර්යයභාර්යය දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා යළි පාර්ලිමේන්තුවට පැමිණිමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ දිවුලපිටිය ආසන සංවිධායක අචාර්ය කිත්සිරි මංචනායක මහතා පැවසුවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now