මොකද්ද මේ දෙහිවල සත්වෝද්‍යානයේ උද්ඝෝෂණය

sinhala news trending news gagana news today news protest at Dehiwala zoo
By krishani Jan 20, 2022 05:02 AM GMT
krishani

krishani

Report

මේ වනවිට දෙහිවල සත්ත්වෝද්‍යානයේ සේවය කරන සේවකයින් පිරිසක් විසින් උද්ඝෝෂණයක් සමග සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.

අද (20) පෙරවරුවේ සිට ඇරඹි මෙම අඛණ්ඩ සත්‍යග්‍රහයට හේතු වී ඇත්තේ , සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ඇතැම් ක්‍රියාකලාප සහ තීන්දු තීරණ බවටයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ.

මෙම සේවකයින් විසින් සිය විරෝධතාව ක්‍රියාත්මක කරමින් මේ වනවිට සියලුම සතුන්ගේ කූඩුවල ඉබි යතුරු මාරුකර, එම සතුන් කිසිවෙකුටත් ආහාරපාන ලබාදීමට හෝ පිටතට ගැනීමට හෝ ඇති නිදහස ද නැති කරමින් උද්ඝෝෂණයේ නිරත වන බවටත් තොරතුරු වාර්තා වනවා.

සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂගෙන් මේ පිළිබඳ ව විමසූ අවස්ථාවේ දී ඇය කියා සිටියේ, සත්ත්වෝද්‍යාන පරිපාලනය තුළ විවිධ නිලධාරින් සිදු කර ඇති දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සහ නීතිවිරෝධී ලෙස සතුන්ගේ වතුරු යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති කාබනික පොහොර සම්බන්ධයෙන් ද තමන් මේ වනවිට පොලීසියට පැමිණිල්ලක් සිදු කර, පරීක්ෂණයක් අරඹා ඇති බවයි.

අදාළ පරීක්ෂණ වහාම නතර කරන ලෙසට ඉල්ලමිනුයි මෙම විරෝධතාකරුවන් සත්‍යග්‍රහයක නිරත වන්නේ.

මෙම විරෝධතාකරුවන් චෝදනා කරන්නේ අධ්‍යක්ෂවරිය විසින් දෛනිකව මියයන සත්ත්වයින් පිළිබඳ කිසිදු විමර්ශනයක් ක්‍රියාත්මක නොකිරීම ද ගැටලුකාරී බවයි.

එමෙන්ම, සත්‍යග්‍රහයේ නිරත වන සේවකයින් විසින් සත්ත්වෝද්‍යානයට ජලය ලැබෙන ප්‍රධාන ජල කරාම පද්ධතිය ද අක්‍රීය කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now