ගෑස් පෝලිම් අඩු වෙලා ද - වැඩි වෙලා ද..? ගෑස් ප්‍රශ්න මැද කුපිත වූ පාරිභෝගිකයින් ! (VIDEO)

police sri lanka peoples gagana news Sri lanka sinhala news today trending news gas problems
By krishani Mar 26, 2022 02:01 AM GMT
krishani

krishani

Report

ගෑස් පෝලිම්වල පසුගිය දිනවලට වඩා අඩුවක් මේ වනවිට දක්නට ඇතත් ඊයෙත්(25) ඇතැම් ප්‍රදේශවල දීර්ඝ ගෑස් පෝලිම් දැකගත හැකිවුණි.

මේ අතර මහනුවර දිස්ත්‍රික් ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමේ මධ්‍යස්ථානයෙන් ගෑස් බෙදාහැරීම නතරකොට අලෙවි නියෝජිතයින් හරහා පමණක් ගෑස් නිකුත් කිරීමට පියවර ගෙන තිබීම නිසා එහි නොසන්සුන් තත්ත්වයක් හට ගත්තේය.

දින ගණනක් බෙදාහැරීමේ මධ්‍යස්ථානය අසල සිටි ජනතාව මෙලෙස කුපිත වූයේ ඒ පිළිබඳව පෙර දැනුම්දීමක් ද සිදු නොකිරීම හේතුවෙනි.

එහිදී ඇති වූ ගැටුමෙන් පොලිස් නිලධාරියෙක් ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා තිබුණි. පසුව ගෑස් ලබාදීමට කටයුතු කෙරුණේ පොලීසියේද මැදිහත්වීමෙනි.

තවමත් ගෑස් නොලැබුණු බව පවසමින් දර්ගා නගරයේ ජනතාව ඊයේ අලුත්ගම - මතුගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත විය.

ඇතැම් ප්‍රදේශවලට ගෑස් රැගත් ලොරි රථ පැමිණියත් සිලින්ඩර ප්‍රමාණවත් නොවීමෙන් නොසන්සුන් තත්ත්වයන් ඇතිවී තිබුණි.

කොටගල නගරයේ වැඩි මිලට ගෑස් විකිණූ අලෙවි නියෝජිතයෙකුගේ බලපත්‍රය තාවකාලිකව අවලංගු කිරීමට ලිට්‍රෝ සමාගම ඊයේ පියවර ගත්තේය.

මේ අතර තවමත් සම්පූර්ණයෙන්ම නිමා නොවූ ගෑස් අර්බුදය හමුවේ භූමිතෙල් ලබා ගැනීම සඳහා ද ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණි.

විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now