අද ඉන්ධන ගැන සුබම සුබ ආරංචියක් මෙන්න - දැන්වත් ඉන්ධන පෝලිම් අවසන් වෙයි ද ?..

India diesel Fuel sri lank gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 21, 2022 01:08 AM GMT
Report

ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට හිමිවන පළමු ඩීසල් රැගත් නෞකාව අද (20) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

ඩීසල් මෙට්‍රික් ටොන් 35,000ක් එම නෞකාවේ අන්තර්ගත බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

මේ වනවිට රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් රැසක් වසා දැමීමට සිදුව ඇත.

පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් ඉන්ධන සැපයීම සිදුනොවීම නිසා ඇතැම් පිරවුම්හල් අසල පැය ගණනක් ගෙවමින් ඉන්ධන ලබාගැනීමට ජනතාවට සිදුව ඇත.

මේ අතර දින 05ක පමණ කාලයක සිට මෙරට මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති ඩීසල් හා ගුවන් යානා ඉන්ධන රැගත් නෞකාවට ඩොලර් ‍ගෙවීම හෙට (21) දිනය තෙක් කල්දමා තිබේ.

එමෙන්ම බොරතෙල් නොමැතිවීමෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට වසා තැබීමට සිදුවන බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර තිබිණ.

ඒ අනුව බොරතෙල් සපයාගැනීමේ අර්බුදය හේතුවෙන් එම පිරිපහදුව වසාදැමෙන්නේ තුන්වන වරටය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now