විමල්ගෙන් විශේෂ ප්‍රකාශයක් !
ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුව හමුවේ අද(09) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත යි.
ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙස මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ඉල්ලිමක් ද කර ඇති බවයි වාර්තා වන්නේ.
කර්මාන්ත කටයුතු සහ බලශක්ති අමාත්‍ය ධූරවලින් ඉවත් කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඊයේ පාර්ලිමේන්තු රැස්වීම්වලට එක්ව සිටියේ, නැහැ.
එමෙන්ම ගබ්සා නිතීයට යම් සංශෝධනයක් අවශ්‍ය බවට තමන් පිළිගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. මේ අතර, ආන්දෝලනාත්මක පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රශ්න කළ අතර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල තම නිවසේ විදුලි බිල පිළිබදව අදහස් පළ කළා.
එමෙන්ම, බුද්ධිමය දේපොළ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී ඊයේ සම්මත වුයේ සංශෝධන සහිතව යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |