ඇඟට වැහුණු යකා යවන්න දේවාලයේ නවතාගෙන කළ කපුවාගේ හදිය !
සිරුරට වැසි ඇති අමනුෂ්‍ය දෝෂය ඉවත් කර දීමට යැයි කියමින් සිය දේවාලයේ තෙදිනක් නතර කර ගත් කාන්තාවකට අතරව කළේ යැයි කියන කපුවකු පෙරේදා(18) රාත්‍රියේදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලිසිය පවසනවා.
අතවරයට ලක් වූවා යැයි කියන කාන්තාව හා ඇගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම කපුවා තම දේවාලයේදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අතවරයට ලක්වූයේ යැයි කියන කාන්තාව 22 හැවිරිදි කාන්තාවක වන අතර කාන්තාව හා ඇගේ මව සැකකාර කපුවා ගෙන් පේනයක් ඇසීමට පැමිණි අවස්ථාවේදී ඇයගේ සිරුරට අමනුෂ්‍ය දෝසයක් වැසී ඇති බවත් එය ඉවත් කිරීමට රුපියල් 40.000 ක මුදලක් හා ඇය තෙදිනක් සිය නිවසේ තනිවම නතර කර යන කරන ලෙසත් ඉල්ලා ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඒ අනුව කපුවාගේ නිවසේ තනිවම නැවතුණු මේ කාන්තාවට සැකකාර කපුවා විසින් සිය නිවසේ දී හා දේවාලය තුළ දී විටින් විට අතවර කළ බව ඇය විසින් දමා ඇති පැමිණිල්ලේ සඳහන්.
මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ කාන්තාව ඇය අතවරයට ලක්වී ඇත් දැයි යන්න පිලිබදව සොයා බැලීමට වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය කියයි.
අහුන්ගල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |