ශ්‍රී ලංකීය නාවික හමුදාවෙන් ඉන්දීය ධීවරයින්ට වෙඩි ප්‍රහාර
ශ්‍රී ලාංකීය නාවික හමුදාව විසින් පෝක් සමුද්‍ර සන්ධියේ සිට ආපසු යමින් සිටින ඉන්දීය ධීවර බෝට්ටු වලට වෙඩි තැබූ බව කියමින් ඉන්දීය ධීවරයින් පැමිණිල්ලක් සිදු කර ඇත.මෙහි දී ඔවුන් ඉල්ලා ඇත්තේ ධීවරයින් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසයි.
මෙම වෙඩි තැබීම අතරතුරදී ඉන්දීය ධීවරයින් 9 දෙනකු පැන යාමට සමත් වී තිබේ.මෙහිදී ඔවුන් ගමන්ගත් බෝට්ටු හතරකට නාවික හමුදා විසින් වෙඩි තබා ඇති අතර බෝට්ටු දෙකකින් වෙඩි උණ්ඩ සොයාගත් බව ධීවර නියෝජිත අරෝකියම් පැවසීය.
සිකුරාදා අළුයම නැවත යමින් සිටියදී ඔවුන් ලංකා උණ්ඩ වලට මුහුණදීමට සිදු වූ අතර දූපත් නාවික හමුදාව ද අහසට වෙඩි තබා ඇත.බ්‍රහස්පතින්දා ඔවුන් ධීවර 1500 ට අධික සංඛ්‍යාවක් සමග බෝට්ටු 200 කට අධික සංඛ්‍යාවක් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බව නියෝජිතයා පැවසීය.
මෑත කාලයේ දී ධීවරයින්ට ලංකා නාවික හමුදාව වෙඩි තැබීමේ තුන්වන අවස්ථාව මෙය වන බව ඔවුන් පැවසීය. එමෙන්ම මෙම බෝට්ටුවල තිබී හමුවූ උන්ඩ ධීවර බලධාරීන්ට බාර දුන් බවත් වෙඩි නොවදින බෝට්ටුවල වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වල පළ වී ඇති බවත් ඔවුන් සඳහන් කළේය.
ඉන්දීය රාජ්‍ය මන්ත්‍රී අන්බුමානි රාමදාස් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ධීවරයින් 9 දෙනෙකු තුවාල ලබා බේරී පලා ගියත් ඔවුන්ගේ බෝට්ටු වලට හානි සිදු වී ඇති බවයි.ඔහු වැඩිදුරටත් කියා සිටියේ මධ්‍යම රජය මෙය හෙළා දකින අතර හානියට පත් බෝට්ටු සඳහා වන්දි ලබා දිය යුතු බවයි.(NDTV)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
