21 යලි රට විවෘත කරයි ද? තීරණ මෙන්න.

Police Sri Lanka Isolating Keheliya rabukwella Lockedon
By Aruna Jun 15, 2021 06:42 AM GMT
Report

 අද දින පැවැත්වූ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රම්බුක්වැල්ල මහතා පැවසුවේ, රටේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් සංචරණ සීමාවන් ලිහිල් කිරීමට 21 වනදා තීරණයක් ගන්නා බවයි.

කැබිනට් යෝජනාවන් නිවේදනය කරමින්, මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

රටේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරි දින 19 හෝ 20 තුළ සංචාරක සීමාවන් ලිහිල් කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව ඔහු පැවසීය.

ලෝකයේ වර්තමාන තත්ත්වය තුළ කිසිවෙකුට කලින් කිසිවක් පැවසිය නොහැකි බව අමාත්‍ය කෙහෙලිය රබුක්වැල්ල මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now