පාප් වහන්සේ ශ්‍රී ලංකාවට? මෙන්න විස්තරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා අමාත්‍ය බිමල් රත්නායක මහතා, ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ශුද්ධෝත්තම 14 වන ලියෝ පාප් වහන්සේට නිල ආරාධනයක් භාර දී ඇත.
ඉතාලියේ ජනතා විමුක්ති පෙරමුණේ ශ්‍රී ලංකා කමිටුවට අනුව, අමාත්‍ය රත්නායක මහතා ඊයේ (මාර්තු 02) වතිකානුවේ රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ උප ලේකම් මිහයිටා බ්ලාජ් මහතා හමුවූ අතර එහිදී ඔහු ආරාධනය කළේය.
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සත්‍ය රොඩ්‍රිගෝ මහතා ද වතිකානුවේ පැවති රැස්වීමට එක්විය.