රජයේ පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්..

sri lanka Sri lanka sinhala news today trending news government schools Admission of children
By krishani Apr 19, 2022 03:50 AM GMT
krishani

krishani

Report

2022 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කරගැනීම අද (19) සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ලලිතා එගොඩවෙල මහත්මිය පැවසුවේ දිවයින පුරා පාසල්වල විදුහල්පතිවරුන් වෙත ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර ඇති බවය.

ඊට අදාළව සිදුකරන උත්සව වැඩසටහන් පාසල් මට්ටමින් සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් දී ඇත.

කෙසේවෙතත් අභියාචනා ලැයිස්තු සම්බන්ධයෙන් ගැටලු පවතින පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ කටයුතුවල යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව ද අතිරේක ලේකම්වරිය පැවසුවේය.

මේ අතර 2022 නව පාසල් වර්ෂය ද ඊයේ (18) ආරම්භ වුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join