ආයේ රජයේ සේවයත් Work from home කරයි - සතියට දවස් තුනක් නිවාඩු - ඉන්ධන අරබුදය නිසා අලුත් සැලැස්මක්

Report

ඉන්ධන මිල ඉහළ යෑමත් සමග ලොව පුරා රටවල් කිහිපයක් සිය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට ඉන්ධන ඉතිරි කිරීමේ අරමුණින් නිවසේ සිට රාජකාරි කිරීමට (Work from home) අවස්ථාව ලබා දී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, පකිස්ථානය, වියට්නාමය, පිලිපීනය වැනි රටවල් මෙම තීරණය ගෙන ඇති බව ය. කලාපීය අසල්වැසි රටක් වන පකිස්ථානය සිය රාජ්‍ය සේවකයන්ට සතියකට දින 4ක් පමණක් රාජකාරි කිරීමට නියම කර තිබෙන අතර දින 3ක් නිවාඩු ලබා දී ඇති බව වාර්තා වේ.

"ලංකාවේ කෑම රසයි ඉදිආප්ප පිට්ටු හොදයි - මුහුදේ මැරෙන්න හිටිය අපිට ලංකාව පිහිට වුණා" ඉරාන සෙබළුන් ලංකාවට හොද කියයි

"ලංකාවේ කෑම රසයි ඉදිආප්ප පිට්ටු හොදයි - මුහුදේ මැරෙන්න හිටිය අපිට ලංකාව පිහිට වුණා" ඉරාන සෙබළුන් ලංකාවට හොද කියයි

එම ආරංචි මාර්ග සඳහන් කළේ, සෙනසුරාදා හා ඉරිදා යන දිනවලට අමතරව සිකුරාදා දිනයත් නිවාඩු ලබා දී තිබෙන බව ය. එසේ ම, එරට ‘ඊද් මුබාරක්’ නමැති උත්සවය තෙක් සියලු ම පාසල් සඳහා නිවාඩු දී තිබෙන්නේ යැයි ද සඳහන් කළේ ය.

ඇතැම් විදේශීය සංචාරයන් වුව කපා හැර දමා තිබෙන අතර විදුලි සෝපාන භාවිතය නවත්වා පඩිපෙළ පාවිච්චි කරන ලෙස එරට බලධාරීන් අණ කර ඇත. අද (මාර්තු 10) සිට ක්‍රියාත්මක වන පරිදි තායි රාජ්‍ය සේවකයන් නිවසේ සිට වැඩ කළ යුතු බව එම අගමැතිවරයා නියම කර තිබේ.

කටාර් හෙල්ලෙයි - ඉහළ මට්ටමේ ආරක්ෂක තර්ජනයක් - ජනතාවට අනතුරු නිවේදන නිකුත් වේ

කටාර් හෙල්ලෙයි - ඉහළ මට්ටමේ ආරක්ෂක තර්ජනයක් - ජනතාවට අනතුරු නිවේදන නිකුත් වේ