ඉදිරියේදී ආහාර හිඟයක් - අවශ්‍ය ආහාර වගා කර ගන්න :අගමැති ජනතාවට දැනුම්දෙයි. (VIDEO).
ඉදිරියේදි ආහාර හිඟයක් ඇතිවෙන බවත් උවමනා ආහාර වගා කර ගැනිමට කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (19දා) පවසා සිටියා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ
“කොළඹ නගරයේ විශාල අසහනයක් තිබෙනවා. දැන් තිබෙන වාර්තාවලට අනුව තමන්ගේ දෛනික ආහාරවලටත් මුදල් මදි. ඒ ගැන අපි එන සතියේ කථා කරන්න ඉන්නේ. ආහාර ගැන ප්‍රශ්නේ කොළඹට විතරක් නෙමෙයි ලෝකේ හැම තැනම සිද්ධ වෙන්න යනවා. මේ සඳහා ලෝක බැංකුව ඩොලර් බිලියන 30ක් වෙන්කරලා තියෙනවා.
ඇමරිකාවේ මුදල් ඇමති භාණ්ඩාගාර ලෙකම් කියලා තියෙනවා ලෝකෙටම මුහුණ දෙන්න තියෙන ලොකුම ප්‍රශ්නයට ඒ අය ලෑස්ති වෙනවා කියලා. මේ අවුරුද්දේ ආහාර හිඟයක් ඇතිවෙනවා සමහර තැන් වලට ආහාර නැති වෙනවා කියලා. ඒකේ සඳහන් කරලා තියෙන එක රටක් තමයි ලංකාව. අනික් ඇෆ්ගනිස්තානය.
උවමනා ආහාර වගා කර ගන්න වෙයි. අලුත් අයවැයක් ගෙනල්ලා මුදල් දෙන්න සහන ලෙස. අපි මේක එකමුතුව කරමු. ඊළඟට මධ්‍යම හා සුළු පරිමාණ ව්‍යාපාර කඩා වැටෙනවා. අපි ඔක්කොම එකතුවෙලා ආහාර හිඟය පියවන්න කටයුතු කරමු. හිස් ඉඩම් වගාවට යොමුකරමු. වගා කරන එක කෘෂිකර්ම අමාත්‍යාංශය පාලනය කරන්න වෙයි. අපි කොළඹ හැම දෙනාම එකතු වෙන්න වෙයි.”
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |