රටම අවුලන ඩෙංගු රතු කට්ටේ සීමාවත් පහු කරයි - ඩෙංගු රෝගීන් 62,000 පන්නයි
ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,000 ඉහළ ගොස් ඇති බවයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නංගර මහතා පවසා ඇත්තේ ජූලි මාසය තුළ පමණක් රෝගීන් 7,038ක් වාර්තා වී ඇති බවයි.
සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් එනම් සියයට 52.40ක ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති රෝගීන් ගණන 12,663කි.
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12,582ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,191ක් වාර්තා වී ඇත.