මාරාන්තික වෛරසය රටම අවුලයි - ලංකාවේ රෝගීන් ලක්ෂය පනී
බස්නාහිර පළාතේ වැඩබලන නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය නවින්ද සොයිසා මහතා පවසන්නේ අද (28) වන විට මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇති බවයි.
රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ පසුගිය මාසවලට සාපේක්ෂව මේ වන විට දෛනිකව වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාවේ යම් අඩුවීමක් දක්නට ලැබුණද, අවදානම සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති බවයි.
එමෙන්ම පළාත් 7ක් තවමත් අධි අවදානම් මට්ටමේ පවතින බවත් මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීමට මහජනතාව වගබලා ගත යුතු බවත් විශේෂඥ වෛද්‍ය නවින්ද සොයිසා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.