විශේෂ අවස්ථාවක් සේ සළකා හැකි ඉක්මණින් බස් ගාස්තු සංශෝධනය පිළිබඳ නිල නිවේදනය නිකුත් කරන්න යයි
ඩීසල් මිල ඉහළ යෑමත් සමඟ බස් ගාස්තු ඉහළ දමන මෙන් ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවත් ඒ සදහා වන වාර්තාව සකස් කර ප්‍රවාහන අමාත්‍යංශයට යොමුකරන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල අද (22) පස්වරුවේ මාධ්‍යට පවසා ඇත.
ඒ අනුව එම යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍යංශය සළකා බැලීමෙන් අනතුරුව අවසන් තීරණය ගනු ඇති බවත් පසුව බස් ගාස්තු සංශෝධනය වන ආකාරය ප්‍රසිද්ධ කරන බවත් චන්ද්‍රපාල මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර ඉරිදා දිනය රජයේ නිවාඩු දිනයක් වුවත් විශේෂ අවස්ථාවක් ලෙස සළකා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය බස් ගාස්තු සංශෝධනය සකස් කිරීමේ කටයුතු කළ බව කී ඔහු හැකි ඉක්මණින් නිල නිවේදනය නිකුත් කරන බව පවසා ඇත.