මහමගදී සිවිල් වැසියන්ට කරදර කිරීමේ සිද්ධියකට හමුදාවට චෝදනා.

Quarantine case
By Aruna Jun 20, 2021 07:17 AM GMT
Aruna

Aruna

Report

එරාවුර් ප්‍රදේශයේ වීදියක යුද හමුදා සාමාජිකයින් විසින් සිවිල්වැසියන් කිහිප දෙනෙකුට හිරහැර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි එම විමර්ශන සිදු කෙරේ.

හමුදාවේ ගෞරවය සහ විනයට පටහැනි වන ලෙස කටයුතු කරමින් හමුදා සාමාජිකයින් විසින් සිවිල් වැසියන් කිහිප දෙනෙකුට හිර හැර කරන බව සඳහන් වන ඡායාරූප කිහිපයක් ඊයේ දිනයේ සාමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබුණි.

ඊට සම්බන්ධ සියලු හමුදා සාමාජිකයින් එම රාජකාරියෙන් ඉවත් කර වෙනත් ස්ථානවෙත අනුයුක්ත කර ඇති බව සඳහන් ය.

ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ශ්‍රී ලංකා යුද හමුදා පොලීසිය විසින් ආරම්භ කර ඇති අතර එම පරීක්ෂණවලින් අනතුරුව ඔවුන්ට එරෙහිව දැඩිවිනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද යුද හමුදාපතිවරයා නියෝග කර ඇති බව යුද හමුදාව පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now