මැති සබා දෙකක් අතර පවතින මහා ක්‍රිකට් තරගය

MINISTERS SRI LANKA MALDIVES CRICKET MATCH PARLAMENT
By Sewvandhi Nov 13, 2021 03:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කණ්ඩායමක් සහ මාල දිවයිනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමක් අතර ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීම සඳහා සාකච්චා ඇරඹී ඇත.

මාල දිවයිනේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් එම ආරාධනාව ශ්‍රී ලංකාව වෙත යොමු කර තිබේ. ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම මාලදිවයිනේ තරඟාවලියක් සඳහා පිටත්ව යනු ඇති අතර එය අවසානයේ මාලදිවයින් මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරඟයකට සහභාගී වීමට සාකච්ඡා කර ඇත.

මාලදිවයින් කණ්ඩායම් සඳහා ඇතැම් විට එරට ජනාධිපතිවරයා ද සම්බන්ධ වනු ඇතැයි මාලදිවයින ක්‍රීඩා ඇමතිවරයා සඳහන් කර තිබේ. තරග සදහා වියදම් දෙරටේ මන්ත්‍රීවරුන් විසින් දැරීමටද යෝජනා වි තිබේ.

-----------------------------------------------------

විශේෂ පාර්ලිමේන්තු සභාව(11/11/2021)-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW