අලුත් 2000 නෝට්ටුව සම්බන්ධයෙන් මහ බැංකුවෙන් දැනුම් දීමක්

Report

පසුගියදා (29) ශ්‍රී ලංකා මහා බැංකුවේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් රුපියල් දෙදහසේ සමරු නෝට්ටුවක් ප්‍රකාශයට පත්කරර තිබේ. ඒ අනුව එම නෝට්ටුව සම්බන්ධයෙන් මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ (Calibration) ක්‍රියාවලියක යෙදී සිටින බවය.

මෙම ක්‍රියාවලියේ ප්‍රගතියට අනුකූලව, නව මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කරනු ලබන බවද ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබේ.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

ක්‍රමාංකනය කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමත් සමඟ නව මුදල් නෝට්ටුව සියලුම බැංකු මාධ්‍යයන් හරහා මුදල් සංසරණයට අනුගත වීම සිදු වන අතර ඒ සඳහා ගතවන කාලපරිච්ඡේදය තුළ මහජනතාව දක්වන සහයෝගය ශ්‍රී ලංකා මහ බැංකුව ඉතා අගය කොට සලකනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් ඇත.

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

ඒ අනුව මේ සම්බන්ධව වැඩිදුර විමසීම් වෙතොත් ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව ඇමතීම, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීම මගින් වැඩිදුර විස්තර ලබා ගත හැකි බවද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබේ.

සිනමන් ලයිෆ් එකේ මට ඇති ගෙයක් නෑ අබ මල් රේණුවකවත් වැරැද්දක් කරලා නැතුව බොරු දැම්මට වන්දි ගන්නවා - වටගල

සිනමන් ලයිෆ් එකේ මට ඇති ගෙයක් නෑ අබ මල් රේණුවකවත් වැරැද්දක් කරලා නැතුව බොරු දැම්මට වන්දි ගන්නවා - වටගල