හිටපු ඇමති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් ජීවිතක්ෂයට

Nimal Siripala De Silva Accident Death Sinhala news Breaking News
By Kaushi Jun 30, 2025 09:22 AM GMT
Kaushi

Kaushi

Report

බොරැල්ල, ඇල්විටිගල මාවතේ පිහිටි හිටපු අමාත්‍යවරයෙක් වන නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ දෙමහල් නිවසේ සවිකර තිබූ විදුලි සෝපානයක සිරවීමෙන් ඊයේ (28) දින සවස් කාලයේදී එහි සේවය කළ ගෘහ සේවිකාවක් මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

කන්න දුන්න බත් පතටත් වස දාලා - ගාසා අහිංසකයන්ට බෙදාදුන් පිටි බෑග් වල මත්පෙති

කන්න දුන්න බත් පතටත් වස දාලා - ගාසා අහිංසකයන්ට බෙදාදුන් පිටි බෑග් වල මත්පෙති

බොරැල්ල පොලිසිය පවසන පරිදී මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 68 ක ගෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ඇය වසර 12ක පමණ කාලයක් තිස්සේ අදාළ නිවසේ සේවයේ නිරතව සිට තිබෙනවා. කෙසේ වෙතත් අනතුර සිදුව ඇත්තේ සෝදා පිරිසිදු කරන ලද ඇඳුම් තොගයක් බිම් මහලේ සිට පළමු මහලට රැගෙන යාමට අඳාළ විදුලි සෝපානය භාවිත කරමින් සිටියදී බව සඳහන්.

විදුලි සෝපානය ඉහළට ගමන් කරන විට ඇයගේ හිස කොටස ඉන් පිටතට යොමුව ඇත. එවිට ඇයගේ හිස පළමු මහලට අඳාළ කොන්ක්‍රීට් ස්ලැබ් කොටස සහ සෝපානයේ දොර අතර සිරවී තිබෙනවා.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

අනතුරින් ඇගේ හිසට සිදුවූ බරපතළ තුවාල නිසා ඇයව ඉක්මනින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළත් ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා ඇත.

කෙසේ වෙතත් අඳාළ සිදුවීම පිළිබඳව බොරැල්ල පොලීසිය මඟින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

එසේම අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද කැඳවා විශේෂ පරීක්ෂණයක් සිදුකර ඇති බව සඳහන්.

එමෙන්ම පොලීසිය ප්‍රකාශ කළේ ජීවිතක්ෂයට පත් කාන්තාවගේ දේහය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවයි.

අද ලග්න පලාපල – 2025 ජූනි 30 | අද ඔබේ ලග්නයෙන් ජීවිතය වෙනස් වෙයිද?

අද ලග්න පලාපල – 2025 ජූනි 30 | අද ඔබේ ලග්නයෙන් ජීවිතය වෙනස් වෙයිද?

ReeCha