බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් බැලීමට විශේෂ අවස්ථාවක්

Report

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ මෙම විවෘත අමුත්තන් බැලීමේ අවස්ථාව අද (13) සහ හෙට (14) යන දෙදින තුළ ක්‍රියාත්මක වන බවයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති උපදෙස්වලට අනුකූලව සියලු බන්ධනාගාරවල මෙම විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.

ඒ අනුව රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර සහ රසකැවිලි අඩංගු එක් පාර්සලයක් මෙන්ම සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු තවත් පාර්සලයක්ද එක් රැඳවියෙකුට ලබාදීමට අවසර හිමි වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2026 අලුත් අවුරුදු නැකැත්

2026 අලුත් අවුරුදු නැකැත්

ජනතාව අවධානයෙන් ඉන්න - නායයාම් අනතුරු ගැන හදිසි නිවේදනයක්

ජනතාව අවධානයෙන් ඉන්න - නායයාම් අනතුරු ගැන හදිසි නිවේදනයක්