ජනතාව අවධානයෙන් ඉන්න - නායයාම් අනතුරු ගැන හදිසි නිවේදනයක්
දිවයිනේ දිස්ත්‍රික්ක හතරක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අදියර 1 යටතේ නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එම සංවිධානය පවසන්නේ මෙම අනතුරු ඇඟවීම අද (13) පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන බවයි.
ඒ අනුව මහනුවර, නුවරඑළිය, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා අදියර 1 (විමසිලිමත්ව සිටින) නායයාම් අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
මහනුවර දිස්ත්‍රික්කය - යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කෑගල්ල දිස්ත්‍රික්කය - වරකාපොළ, කෑගල්ල සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
නුවරඑළිය දිස්ත්‍රික්කය - නුවරඑළිය සහ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
රත්නපුරය දිස්ත්‍රික්කය - ඉඹුල්පේ, කුරුවිට, ඕපනායක, පැල්මඩුල්ල සහ රත්නපුරය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස