ගොවීන්ට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්.

Mahinda Amaraweera Ministry of Agriculture
By Gagana Nov 30, 2023 11:47 AM GMT
Gagana

Gagana

Report

යල කන්නයේ යූරියා පොහොර සදහා නිකුත් කළ වවුචර් පත්වලට පොහොර ලබා නොගත් ගොවීන්ට කෘෂිකර්ම අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ, අනුව ලබන දෙසැම්බර් 15 වනදාට පෙර පොහොර ලබාගන්නා ලෙස ගොවීන්ට දැනුම් දෙනවා.

රජය විසින් යූරියා පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන් වෙත වවුචර් පත් නිකුත් කළ අතර එම වවුචර් පත්වලට පොහොර ලබා නොගත් පිරිසක් සිටින බවටයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්ම අමාත්‍යංශයට පවසන්නේ.

මේ අනුව අදාළ පොහොර මිලදී නොගත් වවුචර් පත් මෙවර මහ කන්නය සදහාද භාවිත කිරීමට අවසර දෙන ලෙසයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

ReeCha