නොමග යන පොලිස් නිලධාරීන්ටත් වැඩ වරදී. - විශේෂ ඔත්තු සේවය ක්‍රියාත්මකයි.

Sri Lanka Police Government Of Sri Lanka
By Wayomi Dec 03, 2023 04:33 AM GMT
Wayomi

Wayomi

Report

මත්ද්‍රව්‍ය සහ විවිධ විෂමාකාරී ක්‍රියා සිදු කරන පොලිස් නිලධාරීන් සහ පිටස්තර සැකකරුවන් පිළිබඳව සොයන්න විශේෂ ඔත්තු සේවාවන් ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලිස් මූලස්ථානය විසින් මෙම පියවර ගෙන ඇත්තේ, මෑතකදී සිට පොලිස් නිලධාරීන් ඉතා සුළු පිරිසක් මත්ද්‍රව්‍යවලට සහ විවිධ විෂමාචාරි ක්‍රියාවලට ඇබ්බැහිවීමේ වැඩි වීම හේතුවෙන්.

ඒ ඒ පොලිස් ස්ථාන මාර්ගයෙන් මෙම ඔත්තු සේවාව ක්‍රියාත්මක වන අතර අදාළ පොලිසියේ ලොකු පොඩි නිලධාරීන් කවුරු හෝ වේවා මෙම විෂමාචාරි ක්‍රියාවලට පෙළඹී සිටිනවා නම් මෙම ඔත්තු සේවාව නීතිය ක්‍රියාත්මක කරනු ඇති.

ඒ, අනුව මේ පිළිබඳව පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට මෙන්ම පොලිස්පතිවරයාට මොවුන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව දැනුවත් කිරීමට ඔවුන්ට බලය ඇත.   

ReeCha