සුළි කුණාටුව තීව්‍ර වීම ගැන විශේෂ දැනුම්දීමක් - මධ්‍යහන 12ට නිකුත් කළ නවතම රතු නිවේදනය මෙන්න. - UPDATE (නිවේදන/VIDEO)
ඉදිරි පැය 36 දී දිවයිනේ උතුර, උතුරු මැද, මධ්‍යම ,බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
මේ අතර, බදුල්ල, කොළඹ, ගම්පහ, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශ වෙත තවදුරටත් නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කෙරුණා.
..................................UPDATE.........................................
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 27 වැනි දින පෙ. ව. 08.30 ට පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 120 ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් පිහිටා තිබුණි.
එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද දින (27) සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇත.
නැවත දැනුම් දෙනතුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලබනවා.
මහ බැංකුව බිලියන 330ක් සොයා බැදුම්කර විකුණයි. - මහජනතාව හෝ වෙනත් ඕනෑම ආයෝජකයෙකුට අවස්ථාව. - අවම මුදල මෙන්න.
වැසි තත්ත්වය:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වන අතර සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. (60-70) පමණ දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැක. මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ). මේ හේතුවෙන් මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
මේ අතර අද (27) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයට වෙන අතර එය සටහන් වූයේ මි:මී:253ක් ලෙසයි.
තුනුක්කායි ප්‍රදේශයට මි:මී:250.5,ක වර්ෂාපතනය ඇදහැලුණු අතර අච්චුවේලි ප්‍රදේශයට මි:මී:245.3ක වර්ෂාපතනයක් ඇදහැලුණු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.