නව ඖෂධ වර්ග 10ක් මේ වසරේ දී වෙළදපලට
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසන්නේ, මෙම වසරේදී නව ඖෂධ නිෂ්පාදන 10ක් වෙළෙඳපොළට හදුන්වාදීමට සැලසුම් කර ඇති බවයි.
එමෙන්ම, පෙති හා කරල් මිලියන 4000ක ප්‍රමාණයක් මෙම වසරේදී නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව සංස්ථාව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.
වත්මන් තත්ත්වය අනුව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් මේ වනවිට ඖෂධ වර්ග 70ක් නිෂ්පාදනය කරනු ලබයි. ඉතිහාසයේ වැඩිම නිෂ්පාදනය පසුගිය වසරේ සිදුකර ඇති අතර, එම වසරේ පෙති හා කරල් මිලියන 3625ක් නිෂ්පාදනය කර තිබේ.
එක් මාසයක දී සිදුකළ වැඩිම නිෂ්පාදනය පෙති හා කරල් මිලියන 385ක් වන අතර, එය 2025 මාර්තු මාසයේ සිදුකර තිබේ. පසුගිය වසරේදී නව ඖෂධ නිෂ්පාදන 5ක් වෙළෙඳපොළට හදුන්වාදී ඇති අතර, වෛද්‍ය සැපයුම් අංශයට ලබාදෙන සියලු ඇණවුම් හිඟයකින් තොරව සැපයීමටද සංස්ථාව කටයුතු කර තිබේ.
2025 වර්ෂයේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සමස්ත ආදායම රුපියල් බිලියන 27.06ක් ලෙස සටහන්ව ඇති බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.