අද උදෑසන දක්ෂිණ අධිවේගයේ සිදුවූ මාරක අනතුර ගැන ඇහෙන හද කම්පා කරන කතා රැසක්

Report

අද (16) දින අලුයමදී පවුල් දෙකක සාමාජිකයන් අටදෙනකු ගමන් ගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලොරියක ගැටීමෙන් මියගිය තරුණිය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ රැකියාව කරන ලබන දෙසැම්බර් මාසයේදී විවාහ ගිවිස ගැනීමට කටයුතු සූදානම් කර තිබූ තරුණියක් බව වාර්තා වේ.

ඒ අනුව මෙම අනතුරෙන් 07 දෙනෙකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය ප්‍රකාශ කරයි.

මෙසේ මියගොස් ඇත්තේ ඕපාත වීරතොට මල් දූව ගෙදර,ඉද්ද කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුෂ්පකුමාරි සඳමාලි නැමති 35 හැවිරිදි ව්‍යාපාරික තරුණියක් බව සඳහන්.

එසේම තුවාල ලැබුවන් අතර කුඩා දැරියන් දෙදෙනකු සහ දරුවෙකු සිටින බව ද වාර්තා වේ.

අද අලුයම දක්ෂිණ අධිවේගයේ මාරක අනතුරක් එක් අයෙක් ජීවිතක්ෂයට 6 දෙනෙක්ට තුවාල

අද අලුයම දක්ෂිණ අධිවේගයේ මාරක අනතුරක් එක් අයෙක් ජීවිතක්ෂයට 6 දෙනෙක්ට තුවාල

මෙසේ අනතුරට පත්ව ඇත්තේ ඊශ්‍රායල් රටේ රැකියාව කළ පුද්ගලයෙකු අද දින මෙරට පැමිණීම නිසා ඔහුව රැගෙන ඒම වෙනුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත තවලම සිට ගිය පිරිස රැගත් වෑන් රථයක්.

ඒ අනුව අඳාළ වෑන් රිය කොළඹ දෙසට යමින් සිටියදී ගැලනිගම සහ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අතර කිලෝමිටර් 9 දශම 6 මොරගහහේන වීදියගොඩ ප්‍රදේශයේදී සුපිරි වෙළඳසැල්වලට භාණ්ඩ බෙදා යළි කොළඹ බලා ඉදිරියෙන් ධාවනය වූ අධිශීතකරණ (ඩීෆිෂර්) ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.

එමෙන්ම අනතුර වන විට එම වෑන් රථයේ ඉදිරිපස වම් පස අසුනේ (මියගිය) තරුණිය සිට ඇති අතර ඇය විවාහවීමට සිටින පුද්ගලයා වෑන් රථයේ රියදුරු වශයෙන් කටයුතු කර ඇති බව ද පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත.

මේ අතර සිදු වූ අනතුරත් සමගම තුවාල ලැබුවන් වෑන් රථයේ සිරවී සිට ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකා ගිනි නිවීමේ සහ ජීවිත ගලවා ගැනීමේ නිලධාරීන් සහ රථ වාහන පොලිස් නිලධාරීන් වහාම එම ස්ථානයට ළඟා වනවිටත් මාර්ගයේ ගමන් ගන්නා වාහනවල සිටි පිරිස් අනතුරට පත් වෑන් රථය තුළ සිරව සිටි තුවාලකරුවන් පිටතට ගෙන ඉන් කුඩා දරු තිදෙනා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබූ බව පවසයි.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

මේ අතර රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේ තුවාලකරුවන් කහතුඩුව වෑතර දිසා රෝහල වෙතත් හෝමාගම මූලික රෝහල වෙතත් යොමු කිරීමෙන් පසුව කුඩා දරු තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇති බවයි.

එමෙන්ම හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර වැඩිහිටි පිරිමි පුද්ගලයන් දෙදෙනා සහ කාන්තාවන් දෙදෙනාගෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් කාන්තාව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් සඳහන්.

ඊශ්‍රායල රටේ සිට මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ එම කාන්තාවගේ සැමියා බවත් තුවාල ලබා ඇත්තේ ඇත්තේද එම යුවළගේ දරු තිදෙනා බවත් පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් සිදුවූ අනතුර රියදුරුගේ අධික වේගයත් නින්ද යාමත් හේතුවෙන් සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

අනතුරින් අඳාළ වෑන් රථයට දැඩි ලෙස හානි සිදුව තිබූ අතර ලොරි රථයේ පිටුපස පිටතට සුළු හානි සිදුව තිබූ බවත් වාර්තා වේ.

අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ දක්ෂිණ අධිවේගී රථවාහන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අශෝක කරුණාරත්න මහතාගේ උපදෙස් මත ගැලණිගම රථ වාහන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක කොඩි තුවක්කු උප පොලිස් පරීක්ෂක සිරිවර්ධන පොලිස් සැරයන් වරුන් වන 14612 සම්පත් 13516 පද්මසිරි මහත්වරුන් සිදු කරයි.

යහනයේදීම මියගිය රාජ්‍ය සේවිකාව මරලා - මෙන්න විස්තරේ

යහනයේදීම මියගිය රාජ්‍ය සේවිකාව මරලා - මෙන්න විස්තරේ