පුතෙක් මව මරා කළ මහ පොළොව නුහුළන අපරාධය

Police Sri lanka Kalithara
By Sithumi Jul 11, 2021 02:02 PM GMT
Report

මත් ද්‍රව්‍යවලට අබ්බැහි වූ පුතා එල්ල කළ පොරෝ පහරකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ මවක අද දහවල් මියගිය බව දකුණු කළුතර පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කළුතර පලාතොට පදිංචි අනුලා පෙරේරා නමැති මවකි. ආහාර පිසිමින් සිටි මවට සැකකාර පුතා පොරොවකින් ගසා ඇත්තේ ඉකුත් 17 වැනි දාය.

අනතුරුව ඇය නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් මිය ගියාය. සැකකාර පුතා ජූලි 13 වැනි දා තෙක් රිමාන්ඩ් ගත කර ඇත