වසර 21 කට පසු සුනාමි පනත සංශෝධනයට
මෙරටට බලපෑ හදිසි ආපදා තත්වයන් හේතුවෙන් මව්පියන් අහිමිවූ දරුවන් 73 දෙනෙකුගේ භාරකාරත්වය සම්බන්ධයෙන් නීතී සම්පාදනය කිරීම සඳහා ඉදිරියේදී සුනාමි පනත සංශෝධනය කරීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පොල්රාජ් මහත්මිය සදහන් කර තිබේ.
ඒ වගේම අමාත්‍යවරිය පෙන්වා දෙනු ලබන්නේ මෙරට පසුගියදා ඇතිවූ හදිසි ආපදාව හේතුවෙන් මව්පියන් දෙදෙනාම අහිමි සහ මව හෝ පියා අහිමි වයස අවුරුදු 18ට අඩු දරුවන් 73 දෙනෙකු සිටින බවයි .
තවද මෙම දරුවන් බාරගැනීමට ළඟම ඥාතීන් කැමති නම් ඒ සඳහා නව නීති සකස් කළ යුතු වන බවත් 2004 වර්ෂයේ සුනාමි ඛේදවාචකයෙන් මව්පියන් අහිමි වූ දරුවන්ගේ භාරකාරත්වය මේ සඳහා පදනම් කරගත් නීතියම මේ සඳහා යොදා ගන්නා බවත් එතුමිය සදහන් කර තිබේ .
ඒ අනුව අමාත්‍යවරිය සදහන් කළේ සුනාමි පනත වසර 21 කට පසු සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි.
මෙම මෙම ආපදා තත්වයන් හේතුවෙන් දරුවන් 73 දෙනාගෙන් මව්පියන් දෙදෙනාම අහිමි දරුවන් භාරගැනීමට කැමති සමීප ඥාතීන්ට ලබාදීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පොල්රාජ් මහත්මිය සදහන් කරයි.
තවද සරෝජා පෝල්රාජ් අමාත්‍යවරිය තව දුරටත් සදහන් කළේ එසේ බාරනොගන්නා දරුවන් පරිවාස භාරයේ තබාගන්නා බවයි.
ඒ වගේම මෙම දරුවන් 73 දෙනාගේම අනාගතය සම්බන්ධයෙන් තම අමාත්‍යංශය නිරන්තරයෙන් සොයාබලමින් කටයුතු කරන බව එතුමිය සදහන් කර තිබේ.