සෝභිත හිමියන්ගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

Government Of Sri Lanka SL Protest President of Sri lanka Omalpe Sobitha Thero
By Sithumi Jul 15, 2022 06:38 PM GMT
Sithumi

Sithumi

Report

අරගල භූමියේදී යුද හමුදා සෙබළුන් සන්තකයේ තිබූ ස්වයංක්‍රීය අවි පැහැර ගැනීම බරපතල සිදුවිමක් එම අවි පාතාල කල්ලි අතට පත්වූවාද? මැර කණ්ඩායම් අතද ? කොයි අවස්ථාවේ කොහේදී ඒවා පත්තු වේද ? අරගලය වෙනතකට යොමුකළ බරපතල ප්‍රශ්නයක් යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඇඹිලිපිටියේදී අනතුරු ඇඟවූහ.

අරගලයේ තරුණ තරුණියන් මෙන්ම සිවිල් වැසියන් හැම දෙනාම මේ කාරණාව සම්බන්ධයෙන් සිහි තබාගෙන ඉදිරි වැඩ කටයුතු කළ යුතුයි අතුරුදන් වූ අවි කවුරු වෙනුවෙන් පාව්ච්ච් කරාවිද අපිට තොරතුරු වාර්තා වෙන විදිහට අරගල කරුවන් අතර බිහිවී ඇති කණ්ඩායම් අතර වාදබේද මතවාද, පහරදීම්, ආරවුල් තිබෙනවා. 

 මෙවන් තත්ත්වයක් යටතේ නැතිවූ ආයුද ඒ ඒ නායකයන් වෙතට යොමු වෙයිද, අරගලයේම අය වෙත අරගලකරුවන් අතෙන්ම යොමු වෙයිද, එහෙම නැතිනම් යම් පාතාල කල්ලි කණ්ඩායම් අතට මෙම අවි පත්වෙලා මොනයම් හෝ අපරාධයක් සිදු කරයිද එම නිසා අනාගතය වෙනුවෙන් අරගලයේ යෙදී සිටින තරුණ තරුණියන් මේ අවස්ථාවේ සුපරික්‍ෂාකාරීම ඉවසීමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා.

ආයුද නැති වුණේ තවත් කුමන්ත්‍රණයක පියවරක් හැටියටද කියන්නත් බැහැ. එයට අපට පේන විසදුම තමයි ව්‍යවස්තාණුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුවට වගකීම දීලා පාර්ලිමේන්තුව මගින් විසදුමක් ගමු කියන එක. අපේ අරගලයේ ශක්තිය පෙන්නුවා. ජනතාවගේ බල පරාක්‍රමය පෙන්නුවා. ජනතා පරමාධිපත්‍ය ප්‍රදර්ශනය කළා