විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණවල මැයි මාසයේදී අඩුවීමක්

Economy of Sri Lanka Latest Headlines Sinhala news gagana news SriLanka News - Gagana
By Shehan Jun 09, 2025 02:14 AM GMT
Shehan

Shehan

Report

විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය 2025 මැයි මාසයේදී, අප්‍රේල් මාසයට සාපේක්ෂව සුළු වශයෙන් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2025 අප්‍රේල් මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 646.1ක් (රුපියල් බිලියන 192.9) වූ අතර, මැයි මාසය වන විට එය එක්සත් ජනපද ඩොලර් මිලියන 641.7 (රුපියල් බිලියන 192.1) දක්වා අඩුවී ඇත.

Dusting Challenge එක නිසා 19 හැවිරිදි දැරිය මියගිය අවාසනාව

Dusting Challenge එක නිසා 19 හැවිරිදි දැරිය මියගිය අවාසනාව

පසුගිය 2024 වසරේ මැයි මාසයේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 544.4 (රුපියල් බිලියන 163.2) වූ බව මහ බැංකුව සඳහන් කළේය.

මේ අනුව, 2025 වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ මෙරටට විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 3,102.2කි.

සජබෙ මන්ත්‍රීවරුන්ට තැපෑලෙන් එන නියෝග...විරුද්ධ අයට විනය පරීක්ෂණ

සජබෙ මන්ත්‍රීවරුන්ට තැපෑලෙන් එන නියෝග...විරුද්ධ අයට විනය පරීක්ෂණ

කොළඹ පදිංචිකරුවන්ට ලැබුණු පළමු අනතුරු ඇඟවීම – ජීවිත බේරෙන්න වහාම ක්‍රියා කරන්න!

කොළඹ පදිංචිකරුවන්ට ලැබුණු පළමු අනතුරු ඇඟවීම – ජීවිත බේරෙන්න වහාම ක්‍රියා කරන්න!

ReeCha