ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්

Report

 ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක් ප්‍රදානය කර ඇත .

ඒ වගේම වරාය අධිකාරිය රජයේ ඒකාබද්ධ අරමුදල වෙත රුපියල් බිලියන දෙකක් මීට පෙර ප්‍රදානය කර තිබුණි.

ඉතිරි රුපියල් බිලියන තුන අමාත්‍ය අනිල් ජයන්ත සහ අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් වෙත ලබාදීම  සිදු විය.

ඒ  මුදල් අමාත්‍යාංශයේ දී ය.

මෙම අවස්තාව සදහා අමාත්‍ය අනුර කරුණාතිලක , වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් එස් එස් රණසිංහ , කළමනාකරණ අධ්‍යක්ෂ ගනක හේමචන්ද්‍ර ,උප සභාපති හේරත් ජයවර්ධන යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව තිබේ .

වසර දෙකකට පසු නරකම ආරංචියක් - මහ බැංකුවෙන් නිවේදනයක්

වසර දෙකකට පසු නරකම ආරංචියක් - මහ බැංකුවෙන් නිවේදනයක්

ඒ වගේම 2024 ලාභාංශ 2025 තුළ නිවැරදිව කළමනාකරණය කර ගැනීම හේතුවෙන් මෙම මුදල් භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලට පරිත්‍යාග කිරීමට හැකි වී තිබෙන බව වාර්තා වේ.

මෙහිදි ප්‍රකාශ කරන ලද්දේ පසුගිය වසරේ වරාය මෙහෙයුම් ධාරිතාව වැඩි කර ගැනීම හේතුවෙන් නොවැම්බර් 30 වනදා වන විට වරාය අධිකාරිය රුපියල් මිලියන 44,110ක ශුද්ධ ලාභයක් උපයා ගැනීම නිසා මෙම ප්‍රදානයට එය දායක වූ බවයි.