ඔයා ආශ්‍රය කරන මිනිස්සු ඔයාගේ ජීවිතේට බලපානවද?
ඔයා ඔයාගේ ජීවිතේ ආශ්‍රය කරන්නේ කව්ද කියන එකෙන් ඔයාගේ සාර්කත්වය තීරණය වෙනවා කිව්වොත් ඔයා පිළිගන්නවද?
ඔයා වටේ ඉන්න පිරිස නිසා ගොඩක් දේවල් තීරණය වෙනවා .ඔව් ඔයා වටේ ඉන්න Circle එක ඔයාගේ ජීවිතේ වටිනම දෙයක් . ඔයාගේ වටේ ඉන්නේ කවුද එයාලා මත ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් තීරණය වෙනවා.
මොකද ඔයා අදහස් හුවමාරු කර ගන්නේ එයාලත් එක්ක . එතනදී ඔයාව පහත් කරන ඔයාගේ සාර්තකත්වය බලාපොරොත්තු නොවෙන කෙනෙක් එක්ක හැමදේම බෙදාගන්න යන්න එපා මොකද ඔයා වටේ ඉන්න සර්කල් එක බොහොම සෘනාත්මකයි නම් ඒක ඔයාගේ ජීවිතේට තදින්ම ඒ දේ බලපානවා.ඔයත් ඔයත් ජීවත්වෙන්නේ සෘනාත්මක විදිහට
නමුත් ඔයාට ඉන්න ඔයාගේ Circle එක බොහොම ධනාත්මක සහ සපෝටිව් නම් , ඔයාගේ ජීවිතේ ලස්සනට වෙනස් වෙන්න ඒක හේතුවක් .

ඉතිං ඔයා ආශ්‍රය කරන අය ධනාත්මක නම් ඔයාත් නිරායාසයෙන් සාර්තකත්වයන්නට යන්න කැමති ධනාත්මක කෙනෙක් වේවි. ඒ නිසයි කියන්නේ ජීවිතේ ආශ්‍රය කරන අය අඩු වුනත් ඒ අය ධනාත්මක හොද යහපත් දේ ඔයාට දෙන අයනම් ඔයාගේ සාර්තකත්වයට එයාලත් එක හේතුවක්.
අද ඉදන් ඒ ගැනත් හිතමු .මිනිස්සු ආශ්‍රය කරන්න. ඒක එපා කියනවා නෙමේ . ඒත් ළගින්ම ආශ්‍රය කරන්න ඕනේ ඔයාගේ දියුණුව හදවතින්ම ප්‍රාර්ථනා කරන අයව. ඔයාගෙ සාර්තකත්වයට මග කියන අයව .
තෝරා බේරාගෙන එහෙම අයව ආශ්‍රය කරන්න, ජීවිතය වෙනස් වෙන්න එයත් හේතුවක් වේවි.