භයානක හෙළිදරව්වක්

Report

මාලිගාවත්ත ජාතික වකුගඩු රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය අනුපමා ද සිල්වා මහත්මිය සදහන් කළේ වර්තමානයේ මෙරට ජනතාවගෙන් සියයට දහයකට (10%) ආසන්න පිරිසකට වකුගඩු රෝගය වැළඳී ඇති බවයි.

වැඩිහිටියන්ගෙන් සියයට පහළොවක් (15%) පමණ වකුගඩු රෝගය වැළඳී ඇති පුද්ගලයන් සිටිය හැකි බව එතුමිය වැඩි දුරටත් සදහන් කර තිබේ.

එතුමිය පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කර තිබුණි.

ඒ වගේම   විශේෂඥ  වෛද්‍යවරිය   තව දුරටත් සදහන් කළේ වකුගඩු අකර්මණ්‍ය රෝගීන් සඳහා ඇති හොඳම විසඳුම වකුගඩු බද්ධ කිරීම බවයි .

වකුගඩු රෝගය සඳහා විශේෂිත පහසුකම් ඇති කොළඹ මාලිගාවත්ත ජාතික වකුගඩු රෝහල පිළිබඳව ජනතාව තුළ එතරම් දැනුවත්භාවයක් නොමැති බවත් ඒ සඳහා විවිධ පාර්ශව විසින් යොමු කරන රෝගීන් පමණක් මේ සම්බන්ධයෙන් දැනුවත් වී ඇති බව එතුමිය සදහන් කර තිබේ .

තව දුරටත් විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය හා හෘදයාබාධ පාලනය කර නොගැනීම හේතුවෙන් විශාල පිරිසක් මෙම රෝගයට ගොදුරු වන බවත් වස විෂ ආහාරයට ගැනීම, රූපලාවණ්‍ය භාවිතය, මාංශ පේශී වර්ධනය සඳහා භාවිත විටමින් හා ඖෂධ හේතුවෙන් ද සැලකිය යුතු පිරිසක් මෙම රෝගයට ගොදුරු වන බවයි.

ඒ වගේම මුත්‍රා රුධිර පරීක්ෂාවක් මගින් රෝගය ඇත්දැයි නිශ්චිතවම දැන ගත හැකි බවද    එතුමිය    සදහන් කර තිබේ.

ඒ වගේම  විශේෂඥ වෛද්‍යවරිය  ප්‍රකාශ කළේ  ඒ පිළිබද දැනගත් වහාම වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ආරම්භ කළ යුතු බවයි.

රත්තරන් ආයෙත් ‍ගිනි ගණන් වෙයි - අද නවතම රන් මිල ගණන් මෙන්න

රත්තරන් ආයෙත් ‍ගිනි ගණන් වෙයි - අද නවතම රන් මිල ගණන් මෙන්න

දරුණු අනතුරක් - දෙදෙනෙකුට බරපතලයි

දරුණු අනතුරක් - දෙදෙනෙකුට බරපතලයි