සත්ව සංගණනයට මාස හයයි හැබැයි සහනයක් නෑ - ජනතාවගෙන් මැසිවිලි
කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර විතානාච්චි මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එම වෙඩිකරුගේ පුතුන් දෙදෙනාම පොලිස් නිල ඇඳුම් සමගත් අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ් පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි කුමාර මහතා සඳහන් කරයි.
ඒ අනුව වඳුරන් හා රිළවුන් ශීඝ්‍රයෙන් බෝවීම හේතුවෙන් කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ද මහත් පීඩාවට පත්ව ඇතැයි එහි කපු මහතුන් පෙන්වා දෙයි. ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය සහ කිරිවෙහෙර වැඳපුදා ගැනීම සඳහා දෛනිකව විශාල පිරිසක් කතරගමට පැමිණෙති.
ඔවුන් රැගෙන එන පූජා වට්ටි හා ඉතිරිවන ආහාර අනුභව කිරීම සඳහා පුරුදු වී සිටින රිලවුන් හා වඳුරන් මේ වනවිට බැතිමතුන්ට පමණක් නොව පූජනීය ස්ථානවල භාරකාරත්වයටද විශාල ගැටලුවක්ව තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම වඳුරන් හා රිලවුන් ශීඝ්‍රයෙන් බෝවීම හේතුවෙන් පවතින ගැටලුව දෙගුණ තෙගුණ වී ඇති බවය.
පසුගිය කාලසීමාවේදී, මෙම සතුන් අල්ලා යාල වනෝද්‍යානයට මුදාහැරීමේ ක්‍රමවත් වැඩසටහනක් ක්‍රියාත්මක කළද එයද දින කිහිපයකින් නතරවී තිබේ. එපමණක් නොව මෙම සතුන් ඇල්ලීම සඳහා භාවිත කිරිමට ලක්ෂ ගණනක් වියදම්කරමින් සකස්කළ යකඩ කූඩු මේවන විට දිරාපත් වෙමින් පවතින බව වාර්තාවේ.
මෙම ගැටලුව අවට ගම්මානවල හේන් ගොවිතැනින් ජීවත්වන ජනතාවටද දැඩිලෙස බලපා තිබේ. ගොවීන් පෙන්වා දෙන්නේ රජය විසින් සංගණනයක් සිදුකලද ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොවූ බවය.
වගාවන්ට හානි සිදුකරන වනසතුන් හඳුනාගැනීම සඳහා රජය රුපියල් ලක්ෂ 27 ක් වැයකරමින් දිවයින පුර සත්ත්ව සංගණනයක් සිදුකළේ ඉකුත් මාර්තු 15 වනදාය. එහි වාර්තාව පසුගිය ජුනි 12වනදා ප්‍රකාශයට පත්කළ අතර එමගින් සත්ත්ව වන්ද්‍යාකරණ ක්‍රම ඇතුලු නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබුණි. සංගණනය සිදුකර හෙටට (15) මාස 06 ක් ගතවන පසුබිමක අදාළ වාර්තා අනුව නිර්දේශ ක්‍රියාත්මක නොවන්නේ නම්, තවදුරටත් මෙවන් ගැටලුවලට ගම්වාසීන්ට මුහුණදීමට සිදුවන්නේ නම් එය සැබැවින්ම කනගාටුවට කරුණකි.