කඩවත - මීරිගම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ජනපති ප්‍රධානත්වයෙන්

Report

දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය 2022 වර්ෂයේදී අත්හිටවා තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට නියමිත වේ.

ඒ අනුව සැප්තැම්බර් 17 වන දින නිල වශයෙන් නැවත මෙම කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ.

බැකෝ සමන්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ තවත් අයෙකු අත්අඩංගුවට

බැකෝ සමන්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ තවත් අයෙකු අත්අඩංගුවට

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ කෙරෙන අතර, එහිදී කඩවත හුවමාරු මධ්‍යස්ථානය (Kadawatha Interchange Hub) සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම් ද ආරම්භ කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 8.6ක මුදලක් රජය විසින් වෙන්කර තිබෙනවා. ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනට අනුව, මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා චීන අපනයන-ආනයන බැංකුවෙන් (Export-Import Bank of China) අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබාගෙන තිබෙනවා.

බස් රථ හිමියන්ව මේ ආණ්ඩුවට බයිට් එකට ගන්න දෙන්නෑ, දින 14 න් විසඳුවේ නැත්තම් ඕනෙම දෙයක් කරනවා - සම්පත්

බස් රථ හිමියන්ව මේ ආණ්ඩුවට බයිට් එකට ගන්න දෙන්නෑ, දින 14 න් විසඳුවේ නැත්තම් ඕනෙම දෙයක් කරනවා - සම්පත්

එමෙන්ම, කඩවත සිට මීරිගම දක්වා දිවෙන කිලෝමීටර් 37ක දුරකින් යුතු මෙම මාර්ග කොටස 2028 වසරේ මැද භාගය වන විට සම්පූර්ණ කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළා.