සෙම්පතිශ්‍යාව, උණ සේ සලකා කොරෝනා නොතකා හරී.. රට පූර්ණව විවෘත කරයි..

Singapore covid 19
By Sithumi Jun 29, 2021 11:13 AM GMT
Report

කොරෝනා වෛරසය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් සේ සලකා සුපුරුදු ලෙස දෛනික කටයුතු කරගෙන යාමට සිංගප්පූරුව තීරණය කර තිබේ.

එරට විසින් නව සාමාන්‍ය කරණය සඳහා මාර්ගෝපදේශ හඳුන්වාදෙමින් සඳහන් කර ඇත්තේ කොරෝනා වෛරසය කිසිදා ලොවෙන් තුරන් නොවුණු ඇති නිසා කළ යුතු වන්නේ ඊට අනුගත වෙමින් ජීවත් වීම බවත් ය.

You may like this video


ඒ අනුව ඉදිරියේදී සිංගප්පූරුවේ නිරෝධායන ක්‍රියාවලියක් සිදු නොවනු ඇති අතර කාර්යාල ව්‍යාපාර ඇතුළු දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට ද තීරණය කර තිබේ. එමෙන් ම ජනතාවට කිසිදු බාධාවකින් තොරව ඒකරාශී වීමට ද අවස්ථාව නව මාර්ගෝපදේශ අනුව හිමි වී තිබේ.

ආසාදිතයන්ගේ ආශ්‍රිත හුදෙකලා කිරීමක් හෝ දෛනික ආසාදිතයන් හෝ මරණ වාර්තා කිරීමත් සිදු කරන්නේද නැත. නමුත් ආරම්භ කර තිබෙන එන්නත් කරන වැඩ පිළිවෙල අඛණ්ඩව ඉදිරියට ද ක්‍රියාත්මක කිරීම සිදු කරයි.

එසේ වුවද සිංගප්පූරුවේ තුළ නිරෝධායනයට යොමු නොකළත් සිංගප්පූරු දේශසීමා ආරක්ෂා කරගනිමින් එරටට පැමිණෙන විදේශිකයින් දැඩි පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර තිබේ. මේ වන විට සිංගප්පූරුවේ ජනගහනයෙන් 36%ක් මාත්‍රා 02ම එන්නත් කර අවසන්ව තිබේ